පඨවි කසිණය
අරුණුවන් මැටි මණ්ඩලයක් අරමුණු කර තද ගතිය මෙනෙහි කිරීම.
- ක්‍රමය
- වියළි පොළොවක් හෝ රියන් පමණ වටකුරු ලෑල්ලක අරුණුවන් මැටි අතුරා "පඨවි, පඨවි" (පොළොව) යනුවෙන් ඇස් හැර බලා පසුව ඇස් පියා සිතින් මෙනෙහි කිරීම.
- නිමිත්ත
- මැටි මණ්ඩලය පරිකර්මයයි; ඇස් පියාගත් විට සිතේ මැවීම උග්ගහ නිමිත්තයි; සියලු දෝෂ නැතිව මුතු කැඩපතක් මෙන් බැබළීම පටිභාග නිමිත්තයි.
- ආනිසංස
- චතුර්ථ ධ්‍යානය දක්වා රූපාවචර ධ්‍යාන 4 ම ලැබේ. පොළොව මවා පෑම ආදී අභිඥා ලැබිය හැක.
- සුදුසු චරිතය
- මෝහ හා විතක්ක චරිතයට
- සමාධි මට්ටම
- චතුර්ථ ධ්‍යානය